අපේ පළමුවෙනි කතාන්දරය ‘ආච්චිගේ මුද්ද’

අපේ පළමුවෙනි කතාන්දරය ‘ආච්චිගේ මුද්ද’

හිතවත් දරුවනි,


අපි දන්නවා ඔයාල මේ දිනවල නිවසටම වෙලා කාලය ගත කරන බව. ඒ වගේම ඔයාලට ඉස්කොලෙත් මතක් වෙන බව. ඒත් දුක් වෙන්න දෙයක් නෑ. අපි අද ඉඳන් ඔයාලට ගෙදර ඉඳන්ම කියවන්න පොත් අරන් එනවා. ඒ ඔයාල වෙනුවෙන්ම නිර්මාණය වුණු ‘පොත් කියවන වීඩියෝ’ තුළින්.


අපේ පළමුවෙනි කතාන්දරය ‘ආච්චිගේ මුද්ද’ ගැනයි.


හැමෝම දන්නවනේ අත්තම්මල ළග රත්තරන් ආභරණ වගේ වටිනා දේවල් තියෙන බව?


අපි අද ඒ වගේ අත්තම්මා කෙනෙක්ගේ මුද්දක් ගැන කතාවක් කියවන්නයි යන්නේ.


මේ කතාන්දර ඔබ වෙත ගෙන එන්නේ ලෝකය වෙනස් කරන්නෙ උගත් දරුවන් බව විශ්වාස කරන රූම් ටු රීඩ් ආයතනයෙන්. 2005 වසරේ ඉඳන්ම ලංකාවේ කියවීම සංවර්ධනය කිරීමටත් ප්‍රාථමික පන්තිවල දරුවන්ගේ කියවීමේ පුරුද්ද ඇති කිරීමටත් රූම් ටු රීඩ් දායක වෙනවා. මේ ලස්සන පොත් ප්‍රකාශයට පත් කරන අතරේම ලංකාවේ ලේඛකයන් සහ චිත්‍ර ශිල්පීන් සමග එකතුව පොත් නිර්මාණය කරමින් දේශීය ප්‍රකාශකයන් පෝෂණය කරන්නත් මේ ආයතනය දායක වෙනවා. ලංකාවේ සංස්කෘතියට සම්බන්ධ තේමා ඔස්සේ ලියැවෙන නිසා මේ පොත් දරුවන්ට වඩා හොඳින් අවබෝධ කරගෙන පහුසවෙන් රසවිඳින්න පුළුවන්.


මේ වගේ කතාන්දර කියවන වීඩියෝ රැසක් ඉදිරියෙදි එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.


අපේ ෆේස් බුක් පිටුව සමග රැඳී සිටියොත් ඒ සියල්ල නරඹන්න පුළුවන්


Sirasa FM